විරුවන් සැමරීම සහ අප සිංහල වී ඔවුන් දෙමළ වීම ….

Date:

89 අවසානයේදී ජ.වි.පෙ. සන්නද්ධ කැරැල්ල විනාශ වීමෙන් පසුව 94 වර්ශයේ සිට අරගලයේදී මියගිය වීරයින් ප්‍රසිද්දියේ සැමරීම සඳහා අයිතිය ජ.වි.පෙ.ලබාගත්තේය.. නමුත් උතුරේ අරගලය සම්පූර්ණයෙන්ම විනාශවීගොස් දසක එකහමාරක් ගතවී ඇතත් ඔවුන්ට ඔවුන්ගේ කිසිවෙකු සැමරිය හැකි ඒ අයිතිය තාම ලැබී නැත.. බොහෝවිට මීට හේතුව අප සිංහල වී ඔවුන් දෙමළ වීමයි…

මේ මොහොතේ උතුරේ ජනයා ඔවුන්ගේ මළවුන් සමරන විට එය මහා විනාශයක් සේ පෙන්නා ජනමනස කුලප්පුකරන්න තැත් කරන්නේ තාමත් රාජපක්ෂවාදයෙන් ගැලවීගත නොහැකි ගෝත්‍ර බය්යන්ය.. එය අන්ත නරුම ක්‍රියාන්විතයකි.. මේ රට මේ අවාසනාවන්ත අඩියට ඇද දැමුවේද ඒ දුෂ්ඨ චින්තනය විසින් බවද සටහන් කර තබමි.

එසේම මේ මොහොතේ මේ ආන්ඩුව විරුවන් හෝ හෝ කවුරුන් හෝ වේවා ඔවුන්ගේ මළවුන් බාදාවකින් තොරව සැමරීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන්නේ නම් එය ප්‍රසංසනීය වැඩකි..

එසේම යුද්ධය අවසන් වී දසක එකහමාරක් ගතවී තිබියදීත් ඔවුන්ගෙ ඉඬම්වල තාමත් හමුදාව රැඳී සිටීනම් එය එතරම් හොඳ තත්වයක් නොවේ.. එහිදී ද වත්මන් ආන්ඩුව හමුදාව රැඳී සිටින මේ ඉඬම් නැවත ඒවායේ හිමිකරුවන්ට බෙදාදීමට යන්නේ නම් එයද අගයකල යුතු කටයුත්තකි..

උතුරේ ජනයා මෙවර ඔවුන්ගේ නායකයන්ටත් වඩා ජ.වි.පෙ. නායකයන් කෙරේ විස්වාසය තබා ඇතිබව පෙනේ.. ඔවුන්ගේ එකී විස්වාස පෙරලා ආරක්ෂා කිරීම මේ ආන්ඩුවේ වගකීම විය යුතුය ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...