තවත් නව සභාපතිනියක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල සඳහා නව සභාපතිනියක් පත්කර තිබෙන බව සඳහන් වේ.කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වසර 60 ඉතිහාසයේ ඉහළම ආදායම මෙම වසරේදී මේ වනවිටත් ලබාඇති අතර ඉදිරි මාසය තුළ තවදුරටත් තම විකුණුම් වැඩිකර ආදායම් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වේ.

පුද්ගලික අංශයේ වසර 25 ක වෘත්තීය අත්දැකීම් ඇති ගණකාධිකාරිනියක් වන නව සභාපතිනිය ලෙස පත්වූ සුජීවා සේනානායක මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විශේෂ උපාධිධාරිනියක වේ.

නව සභාපතිනිය සඳහන් කළේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශය සමඟ එක්ව මේ වනවිටත් ලාභ ලබන ලක්සල ආයතනයේ ලාභය තවදුරටත් වර්ධනය කර ගනිමින් විදේශ වෙළඳපළ වෙත ප්‍රවිශ්ඨ වීමත්, ලක්සල ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්කිරීමත් තම ඉලක්කය බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...