තවත් නව සභාපතිනියක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල සඳහා නව සභාපතිනියක් පත්කර තිබෙන බව සඳහන් වේ.කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වසර 60 ඉතිහාසයේ ඉහළම ආදායම මෙම වසරේදී මේ වනවිටත් ලබාඇති අතර ඉදිරි මාසය තුළ තවදුරටත් තම විකුණුම් වැඩිකර ආදායම් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වේ.

පුද්ගලික අංශයේ වසර 25 ක වෘත්තීය අත්දැකීම් ඇති ගණකාධිකාරිනියක් වන නව සභාපතිනිය ලෙස පත්වූ සුජීවා සේනානායක මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විශේෂ උපාධිධාරිනියක වේ.

නව සභාපතිනිය සඳහන් කළේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශය සමඟ එක්ව මේ වනවිටත් ලාභ ලබන ලක්සල ආයතනයේ ලාභය තවදුරටත් වර්ධනය කර ගනිමින් විදේශ වෙළඳපළ වෙත ප්‍රවිශ්ඨ වීමත්, ලක්සල ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්කිරීමත් තම ඉලක්කය බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...