ශ්‍රී ලංකාව අඩු ලකුණු ඉණිමකින් වාර්තා අතරට – අඩුම පන්දු ගණනෙන් නිමා කළ දෙවන ඉණිම් අතර දෙවන තැනත් ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 28,(LNW) කොළඹ :

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැවී ගිය අඩුම ලකුණු ගණනට දවාලන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.ඒ ලකුණු 42 ට.ටෙස්ට් ඉණිමක වාර්තා වුණු අඩුම ලකුණු ගණන් සළකා බලද්දී මෙම ලකුණු ප්‍රමාණය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ අඩුම ලකුණු සම්බන්ධ සටහනේ හයවන තැනට පත් වෙනවා.එහිදී අඩුම ලකුණු ප්‍රමාණය වාර්තා කර තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායම වන අතර ඔවුන් ලකුණු 26 ට එංගලන්තය ඉදිරියේ දැවී ගොස් තිබෙනවා.


දෙවන තැන සිටින්නේ දකුණු අප්‍රිකාවයි.ඔවුන් දෙවරක්ම ලකුණු 30 ට එංගලන්තය ඉදිරියේ දැවී ගොස් තිබෙනවා.නැවත දකුණු අප්‍රිකාව ලකුණු 35 ට එංගලන්තය හමුවේ දැවී ගොස් තිබෙන අතර ඕස්ට්‍රේලියාව ඉදිරියේත් ලකුණු 36 ට දැවී ගොස් තිබෙනවා.ඔස්ට්‍රේලියාවද ලකුණු 36 ට ම එංගලන්තය ඉදිරියේ දැවී ගොස් තිබෙනවා.ඉන්දියාව ද එම ලකුණු ගණනම ඕස්ට්‍රේලියාව ඉදිරියේ දැවී ගොස් තිබෙන අතර අයර්ලන්තය වාර්තා කර තිබෙන අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 38 ට ඔවුන් දැවී ගොස් තිබෙන්නේ එංගලන්තය ඉදිරියේ යි.


ඉන් අනතුරුව වාර්තා කර ඇති අඩුම ලකුණු ප්‍රමාණය වන්නේ ලකුණු 42 යි.ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව ඉදරියේ දැවී යන්නට පෙර එම ලකුණු ගණනටම තවත් කණ්ඩායම් තුනක් ලකුණු 42 ට දැවී ගොස් තිබෙනවා.ඒ නවසීලන්තය ඕස්ට්‍රේලියාවට එරෙහිවත්,ඔස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිවත් සහ ඉන්දියාව එංගලන්තයට එරෙහිවත් ලෙසයි.ඒ අනුව ඉතිහාසයේ වාර්තා වී ඇති අඩු ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හයවන තැන සිටින ලකුණු 42 පොකුරේ සමතැනට පත් වෙනවා.


පහතින් දැක්වෙන්නේ අඩුම ලකුණු ලැබූ අවස්ථා පිළිබඳ සටහනයි.
https://es.pn/3B3Ld2O
මෙම සටහන නිරීක්ෂණයේදී පැහැදිළි වන තවත් වැදගත්ම කරුණක් වන්නේ දකුණු අප්‍රිකාව 1924 දි, එංගලන්තයට එරෙහිව පන්දු 75 දී (පන්දු ඕවර් 12.3) 30 දැවී යාමෙන් පසුව අඩුම පන්දු ප්‍රමාණයකින් ඉණිම නිමා කර ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව වීමයි.එහිදී ශ්‍රී ලංකාව ලකුණු 42 ට දැවී යන්නේ පන්දු 83 ක් (ඕවර් 13.5) තුළයි.
තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න
https://es.pn/4i2hRTj

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...