ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති “දිට්වා” [Ditwah] සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 50 km ක් දකුණු දෙසින්, අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 81.2°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටී.

මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (නොවැම්බර් 28) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට පැ.කි.මී. 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...