පේරාදෙණිය මල්වත්තත් ජලයෙන් යටවෙයි!

0
3909

රෂිකා හෙන්නායක නොවැම්බර් 28,කොළඹ LNW :

​අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය (මල්වත්ත) මේ වන විට ජලයෙන් යටවී ඇත.

ඒ අවට පහත් බිම් රැසක් ද ජලයෙන් පිරී ඇති අයුරු දැකගත හැකි බව වාර්තා වේ.

​ඒ අවට සිටින ජනතාවට ප්‍රවේසම් වන ලෙස බලධාරින් දන්වා සිටී.