කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කෑගල්ලෙන් වසාදැමේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව එම මාර්ගය අදාළ ප්‍රදේශයෙන් වසා දැමීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ.

කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරන්ට කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටින අතර අත්‍යවශ්‍ය කරුණක් සඳහා හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ගන්න පොලීසියෙන් අංකයක්!

කොළඹ LNW:ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා පොලීසිය...

ගංවතුරට මැදි වූ මහව සහ එළුවන්කුලම ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්!(PHOTOS)

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්වය හමුවේ මහව සහ එළුවන්කුලම...

ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : මේ වන විට...