මෝය කටවල් නොකැපීම නිසා ගංවතුර තත්වය තවත් උඝ්ර වෙන ලකුණු ?

Date:

කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ වැනි ප්‍රධාන ගංගාවල මෝය කටවල් කපා විශාල කිරීමට තවමත් කටයුතු කර නොමැති වීම හේතුවෙන් ඉදිරි දිනවල ඇතිවීමට නියමිත ගංවතුර තත්වය තවත් දරුණු විය හැකි බව ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

දින තුනක් තිස්සේ මධ්‍යම කඳුකරය ඇතුළු දිවයින පුරා ප්‍රදේශවලට ඇද හැළෙන මිලිමීටර් 200 හෝ ඊටත් වැඩි අධික වර්ෂාවෙන් එකතුවෙන ජලයෙන් වැඩි ප්‍රමාණයක් අවසානයේ මුහුදට බැස යායුතුව ඇත්තේ මෙම ප්‍රධාන ගංගාවල මෝය කටවල් හරහා ය.

සාමාන්‍ය තත්වයකදී මෙම මෝය කටවල් ගංගාවේ ජලය මුහුදට බැසයාම සඳහා ප්‍රමාණවත් වන නමුත් මේ වනවිට ගම්බිම් යට කරමින් ගලා එන විශාල ජල කඳ හමුවේ එය එසේ නොවන බව ඉතාම පැහැදිලි කරුණකි. එහෙයින් නිතර ගංවතුර තර්ජනවලට මුහුණ ලෝකයේ අනෙකුත් රටවල් සාමාන්‍යයෙන් සිදුකරන්නේ දැවැන්ත ගංවතුර ජල කඳ පැමිණීමට පෙරම මෝය කටවල් කපා විශාල කිරීමයි.

ඒ අනුව කඩිනමින් මෙම මෝය කටවල් යන්ත්‍ර යොදාගෙන කපා විශාල කර, ජලය වැඩි ප්‍රමාණයක් එකවැර බැසයාමට කටයුතු සම්පාදනය නොකළහොත් කොළඹ, කළුතර, මාතර වැනි ප්‍රධාන පෙළේ නගර ඇතුළු ප්‍රදේශ රැසක් දැඩි අවදානමකට ලක්වනු ඇති බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස වී ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක්!

කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට...

මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත...

කොළඹ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වෙලා!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ...

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ එකඟතාව..

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...