මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කඩිනමින් කටයුතු කිරීමට මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන ඉල්ලා සිටියේය.

ඒ, අද පෙරවරුවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ පැවති පක්ෂ විපක්ෂ නියෝජිත රැස්වීමේදීය.

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් එම සාකච්ජාව කැඳවා තිබුණි.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විසින් සියලු දෙනා දැනුවත් කර ඇත.

දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශතාව පරිදි වැය කිරීමට දැනටමත් මුදල් ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බවත්, කිසිදු චක්‍රලේඛයක් එම මුදල් වැය කිරීමට බාධාවක් ඇති නොකරන බවත්, එසේ බාධාවක් වන අවස්ථාවන් තිබේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාව ඇතිව එම මුදල් වැය කිරීමට දැනුම් දී තිබෙන බවත් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...