හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක්!

කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

ඒ, අද (28) පෙරවරුවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ පැවති සාකච්ජාවේදීය.

එළඹෙන 30 වැනිදා දක්වා මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන අතර ඉතිහාසයේ වැඩිම ගංවතුර තත්ත්වය පිළිබඳවද මේ අනතුරු අඟවා තිබේ.

අවදානම් ස්ථාන වෙතින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදුවන අතර ආපදාවට ලක්ව සිටින පිරිස් වෙත අවශ්‍ය සහන ලබා දීමටද කටයුතු යොදා තිබෙන බව රජය ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...