කොවිඩ් අගුලුලෑම් වලට එරෙහිව චීනයේ විරෝධතා – විරෝධතාකරුවන් ෂීට ගෙදර යන්න කියයි

Date:

පසුගිය දා බටහිර Xinjiang ප්‍රදේශයේ අගනුවර වන Urumqi නගරයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය යාමත් සමඟ චීනයේ Covid සීමා කිරීම්වලට එරෙහි විරෝධතා උත්සන්න වී තිබේ. විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ කොවිඩ් අගුලලුලෑම් හේතුවෙන් මහල් නිවැසියන් මිය ගිය බවයි.

විදේශීය මාධ්‍යවේදීන් විසින් සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවල ෂැංහයි නගරයේ වින්දිතයන් සිහිපත් කිරීමට සහ කොවිඩ් සීමා කිරීම්වලට එරෙහිව විරෝධතා දැක්වීමට දස දහස් ගණනින් ජනතාව වීදි බැස ඇති අයුරු දක්නට ලැබේ.

විරෝධතාකරුවන් “ෂී ජින්පින්, ඉවත් වන්න” සහ “කොමියුනිස්ට් පක්‍ෂය, ඉවත් වන්න” වැනි සටන් පාඨ කියමින් ආණ්ඩුවට සිය විරෝධය ප්‍රකාශ කරන ලදි. මෙය සාමාන්‍ය තත්වයක් නොවන අතර චීන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි ඕනෑම සෘජු විවේචනයක ප්‍රතිඵලයක් වශයෙන් දරුණු දඬුවම් පැමිණවිය හැකිය. මෙවැනි නෛතික තත්වයක් තුළ වුවද, විරෝධතාකරුවන් දිගින් දිගටම ජනාධිපතිවරයාට හා කොමියුනිට්ස් පක්ෂයට ඉවත් වන ලෙස දන්වමින් සිටියි.

මේ වන විට චීනයේ වසර තුනක සංචරන සීමා කිරීම් සහ දෛනික කොවිඩ් පරීක්ෂණ වලින් මිලියන ගණනක් වෙහෙසට පත්ව සිටිති. නගරයේ සිට දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශ දක්වා තරුණ විශ්ව විද්‍යාල සිසුන්, කර්මාන්තශාලා සේවකයින් සහ සාමාන්‍ය පුරවැසියන් ඇතුළු සමාජයේ සෑම කොටසක්ම මහත් පීඩාවට පත්ව සිටියි. ඔවුහු ෂී ජින්පින්ගේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරමින් සිටිති.

මෙම විරෝධතා චීනයේ ශුන්‍ය කෝවිඩ් පියවරයන්ට එරෙහිව වේගවත් වන මහජන පෙලපාලි මාලාවක නවතම තත්වය වන අතර එය රජය සහ ජනාධිපති ෂී විවේචනය කිරීමේදී වඩ වඩාත් නිර්භීත වී ඇත. හදිසි අගුලු දැමීම් රට පුරා කෝපයට හේතු වී ඇති අතර කෝවිඩ් සීමා කිරීම් වඩාත් පුළුල් ලෙස ෂෙන්ග්ෂු සිට ගුවැන්ෂු දක්වා මෑත කාලීන ප්‍රචණ්ඩ විරෝධතා අවුලුවා ඇත.

සශිකලා මධුෂාණී_ අවුට්බව්න්ඩ් ටුඩේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...