*
Monday, May 13, 2024
spot_img

Latest Posts

වැලි ජාවාරමට සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්ව ඉවත්කර බවට පරිසරවේදීන්ට සහතිකයක්!(VIDEO)

වැලි ජාවාරමකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාට සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව පරිසර අමාත්‍යාංශය විසින් ගනු ලබන තීන්දුව සම්බන්ධයෙන් විමසීම සඳහා අද (28) පරිසරවේදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමඟ විශේෂ සකාච්ජාවක් පවත්වනු ලැබීය.

දින ගණනාවක් පුර එම වැලි ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වුවද ඉහත නිලධාරීන් සම්බන්ධයෙන් නිසි තීන්දුවක් නොගැනීම නිසයි මෙම පරිසරවේදීන් කණ්ඩායම අද අමාත්‍යාංශ ලේකම්වරයා මුණගැසුණේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරිසරවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවකද නියැලුණි.

මෙම ස්ථානයට විශාල පොලිස් කණ්ඩායමක්ද යොදවා තිබුණි.

කෙසේවෙතත් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ජාවේදී අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට අදාළ කටයුතු හෙට දිනයේදී සිදුකරන බවට පොරොන්දු වූ බව සාකච්ජාවෙන් අනතුරුව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ මාධ්‍යවෙත සඳහන් කළහ.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව තීරණය කිරීම සඳහා ලබන 19 වැනිදා එහි යන බවද උන්වහන්සේ කියාසිටියහ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan