ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කළ රතු දත්ත ලේඛනය – 2021

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එය සිදු කෙරුණි.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය නසීර් අහමඩ් මහතා –

“පරිසර පද්ධතිය රැක ගැනීම අප කාගෙත් වගකීමයි.ඒ වගකීම පුරවැසියන් ලෙස අපි හැමෝටම පැවරිලා තියෙන් දෙයක්.අප රටට ආවේණික පක්ෂීන් රැක ගැනීම මුලික කරුණයක් ලෙස මම හිතනවා.රතු ලැයිස්තුව ජිවි විශේෂයක පැවැත්මට අභ්‍යන්තර හා බාහිර සාධක බොහෝමයක් සැලකිල්ලට ගන්නා තක්සේවරුවක් නිසාම ජිවි විශේෂයක සෞඛ්‍ය පිළිබඳ හොඳම දර්ශකවලින් එකකි.ඒ නිසාම රතු ලැයිස්තුව සංරක්ෂණ ක්‍රියාවන් සැළසුම් කිරිමට මෙන්ම ස්වභාවික සම්පත් කළමනාකාරිත්වයේ සඵලතාවය අධික්ෂණය කිරිමේ දර්ශකයක් ලෙසද රතු ලැයිස්තුව පෙන්වා දෙනවා”

ලෙස පැවසීය. පරිසරය සුරක්ෂිත කිරිමට පක්ෂීන් මෙන්ම වන සම්පත ආරක්ෂා කිරිමටත් රජය මගින් ලැබිය යුතු පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් –

“ශ්‍රී ලංකාව වැනි කුඩා දිවයිනක ජිවත්වන පක්ෂින් වෙනුවෙන් මෙවැනි සංරක්ෂණ ක්‍රියාවක් දියත් කිරිම වටිනා කාර්යක් බවත්,පක්ෂින්ගේ තක්සේරු කරන ලද විශේෂ 244න් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවත්,තර්ජනයට ලක් වු හා අවදානම් , තර්ජනයට ලක් වීමට ආසන්න පක්ෂින් පිළිබඳ ඇතුළත් දත්ත රතු ලැයිස්තුව මගින් ඉදිරිපත් කිරිම වටිනා කාර්යක්”

ලෙස පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින් පක්ෂින් ගේ වඳවිමේ තර්ජනයට ලක් වු විශේෂ වල ගහනය යථා තත්තවය පත් කිරිම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමටත්,පර්යේෂණ න්‍යාය පත්‍රයක් පිළියෙළ කිරිම,ආදාල ක්ෂේත්‍රවල ක්‍රියාකාරි සැළසුම් ක්‍රියාත්මක කිරිමට ඉදිරියේ දී ක්‍රියා කිරිමට උත්සහ ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහාචාර්ය දේවක වීරකොන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා කාර්ය මණ්ඩය සහභාගි විය.

රෂිකා හෙන්නායක
2022.11.28

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...