රිෂියුධන්ගේ පන්දු යැවීමේ වාර්තාව ඇගයීමට ලක් වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වසර 47 ක වාර්තාවක් සම කරමින් බත්තරමුල්ල එම්.ඩී.එච්.ජයවර්ධන විදුහලට එරෙහිව ලකුණු නොදී කඩුලු 8 ක් දවා ගත් කොළඹ හින්දු විද්‍යාලයේ සේලවසේකරන් රිෂියුධන් ඇගයීමේ උත්සවයක් කොළඹ හින්දු විද්‍යාලයේ 87 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් සූදානම් කර තිබිණ.


රිෂියුධන් ට පෙර කපිල වික්‍රමසූරිය කොළඹ නාලන්ද විද්‍යාලීය අවුරුදු 12 න් පහළ තරගයකදී ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට එරෙහිවද ලකුණු නොදී කඩුලු 8 ක් දවා ගෙන ඇති බව වාර්තා කර ඇති අතර රිෂියුධන් මේ දස්කම සිඳු කළේ මුල්ලේරියාව ක්‍රීඩාංගණයේදී පන්දු ඕවර් 9.4 යවමින්,ඒ සියල්ල නිලකුණු ඕවර බවට පත් කරමින් ය.ඒ දස්කම නිසා ප්‍රතිවාදී එම්ඩීඑච් ජයවර්ධන විද්‍යාලය ලකුණු 28 ට සීමා කරන්නටත්,හින්දු විද්‍යාලය කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු 126 ප්‍රථම ඉණිමේ ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් බවට පත් කර ගන්නටත් හින්දු විද්‍යාලයට හැකි විය.


අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය සිය ආසන්නම ජාතික නියෝජනයේ ඉලක්කය බවට පත් කරගෙන සිටින රිෂියුධන් පවසන්නේ තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නේදන් ලයන් බවත්,ඔහු ආකාරයට දස්කම් දැක්වීම සිය සිහිනය බවත්ය. පිට දඟ පන්දුව,පා දඟ පන්දුව,කැරම් පන්දුව,ලූප් පන්දුව,ප්ලැට් ලූප් පන්දුව සහ කෙළින් වේගයෙන් යොමු කරන පන්දුව ලෙස පන්දු වර්ග හයක් සිය දඟ පන්දු යැවීමේ සංකලනයට එකතු කරගෙන සිටින මේ පුංචි හාදයාට වයස තවමත් අවුරුදු 10 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...