රහුල්ගේ දිගු කිරීම නවතියි. ලක්ෂමන්ට අලුතින් තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ඉන්දීය ක්‍රිකට් වෙත සමීප වූ අති දක්ෂ පුහුණුකරුවෙක් ලෙස ප්‍රශංසා ලද රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරු ධූරයේ කාලය අවසන් කරන්නට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව ඔහුගේ සේවා දිගුව ලබා දීම වෙනුවට නව පුහුණුකරු ධූරය වීවී එස් ලක්ෂමන්ට ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා.


ගෙවුණු ලෝක කුසලාන සීමිත පන්දු වාර තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම අවසාන තරගය දක්වාම අපරජිතව පැමිණියා.රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරත්වය යටතේ පැමිණි ඒ ජයග්‍රාහී ගමන ඔස්ට්‍රේලියාව අතින් අවසාන තරගයේදී ඉන්දියාවට අනු සූරතාවයෙන් සෑහෙන්නට මඟ සකසමින් නිමාවට පත් වුණා.ඉන් අනතුරුව රාහුල්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ අවස්ථාව යෙදී තිබුණ අතර එහිදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙන්නේ එම වගකීම ලක්ෂ්මන් වෙත පැවරීමටයි.


ලක්ෂ්මන් මේ දිනවල ක්‍රියාත්මක ඔස්ට්‍රේලියාවට එරෙහි 20/20 තරගාවලියට මුහුණ දෙමින් නව කණ්ඩායම් සංයුතියක් සමඟ තරග 2-0 ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් තබා ගැනීමට සමත්ව සිටිනවා.තවත් තරග 3 ක් ඉදිරියේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...