රහුල්ගේ දිගු කිරීම නවතියි. ලක්ෂමන්ට අලුතින් තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ඉන්දීය ක්‍රිකට් වෙත සමීප වූ අති දක්ෂ පුහුණුකරුවෙක් ලෙස ප්‍රශංසා ලද රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරු ධූරයේ කාලය අවසන් කරන්නට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව ඔහුගේ සේවා දිගුව ලබා දීම වෙනුවට නව පුහුණුකරු ධූරය වීවී එස් ලක්ෂමන්ට ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා.


ගෙවුණු ලෝක කුසලාන සීමිත පන්දු වාර තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම අවසාන තරගය දක්වාම අපරජිතව පැමිණියා.රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරත්වය යටතේ පැමිණි ඒ ජයග්‍රාහී ගමන ඔස්ට්‍රේලියාව අතින් අවසාන තරගයේදී ඉන්දියාවට අනු සූරතාවයෙන් සෑහෙන්නට මඟ සකසමින් නිමාවට පත් වුණා.ඉන් අනතුරුව රාහුල්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ අවස්ථාව යෙදී තිබුණ අතර එහිදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙන්නේ එම වගකීම ලක්ෂ්මන් වෙත පැවරීමටයි.


ලක්ෂ්මන් මේ දිනවල ක්‍රියාත්මක ඔස්ට්‍රේලියාවට එරෙහි 20/20 තරගාවලියට මුහුණ දෙමින් නව කණ්ඩායම් සංයුතියක් සමඟ තරග 2-0 ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් තබා ගැනීමට සමත්ව සිටිනවා.තවත් තරග 3 ක් ඉදිරියේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...