බෝගොල්ලාගම සිය අක්ත පත්‍රයේ විවෘත පිටපත බාරදෙයි.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW : මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයේ වැඩ බාරගත් රෝහිත බෝගොල්ලාගම මහතා  එරට විදේශ , පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේදී වයිස් මාර්ෂල් හා අධ්‍යක්ෂිකා වික්ටෝරියා බිස්බි මෙනෙවියට සිය අක්ත පත්‍රයේ මූලික පිටපතක් චාරිත්‍රානුකූලව පිළිගැන්වීය.

එය 111 වන චාල්ස් රජුට නිළ අක්ත පත්‍රය පිළිගැනිවීමට පෙර සිදුකරන සාම්ප්‍රධායික කටයුත්තකි. ඒ සදහා ඉක්මන් අවස්ථාව ලබාදීම ගැන ඇයට ස්තුතිය පළකල මහකොමසාරිස්වරයා දෙරට අතර සුහදතාව හා  ද්විපාර්ශවික කටයුතු මෙන්ම අන්නොන්‍ය විශ්වාසය වර්දනය කිරීමට කැපවන බවට ද ප්‍රතිඥා දුන්නේය. චාල්ස් රජු, එරට ආණ්ඩුව හා ජනතාව ගේ අඛණ්ඩ ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රි ලංකා ජනාධිපති රනිල් විකුමසිංහ මහතා හා ජනතාවගේ සුබ පැතුම් ද එක් කළේය.

දෙරටේ සබදතා තවත් පුළුල්වීමට ලංකාව ගැන පළල් අවබෝදයක් එරට රජයට ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. මහකොමසාරිස්වරයාගේ හා ශ්‍රී ලංකාවේ කටයුතු සාර්ථක වනු දැක්ම බ්‍රිතාන්‍යයේ  කැමැත්ත බවද ඒ වෙනුවෙන් සුබ පතන බවද බිස්බි මෙනෙවිය පැවසුවාය.

 මෙම අවස්ථාවට එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රදූත නිලධාරිනිය වන  (Counsellor) හිරුනි රාජපක්ෂ මහත්මියද එක් වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...