කැබිනට් තීරණ – 2023 .11.28

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): # ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල සහ ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයක් අතර සහයෝගිතාව රාමුවකට අත්සන් තැබීමට අනුමැතිය ලැබෙයි.

# ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාවන් සඳහා ගිවිසුමකට එළඹීමට අනුමැතිය හිමිවෙයි.

# දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට අනුමැතිය ලැබෙයි.

# කාබන් ශුද්ධ ශූන්‍ය මාර්ග සිතියම සහ උපායමාර්ගික සැලසුම – 2050 ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වෙයි.

# පොලිඑතිලීන් ටෙ ( PET) රෙෆතලෙන් සහ හයි impact පොලිස්ටිරීන් (HIPS) ප්ලාස්ටික් ඇසුරුම් සඳහා QR කේතයක් පදනම් කරගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබෙයි.

# ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නින්දගම වත්ත නැමැති ඉඩමෙන් කොටසක් සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීමට අනුමැතිය හිමිවෙයි.

# මැනුම් හා සිතියම් ගත කිරීමේ ආයතන විසින් ස්ථාපනය කරන ලද 1969 අංක 21 දන්න පනත සංශෝධනය කිරීම සඳහා පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලැබෙයි.

# වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමි වෙයි.

# 2023 අංක 13 දරණ කොළඹ වරාය නගරය ( ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර – තීරුබදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ) නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබේ.

# ශ්‍රී ලංකාව සහ කොරියානු සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සඳහා වන ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට අනුමැතිය හිමිවෙයි.

# දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුමැතිය ලැබෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...