මහ බැංකුව සතු රු. ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අතුරුදහන්! පොලීසිය හා CID පරීක්ෂණ අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (28) පාර්ලිමේන්තුවේ දී නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා සිටියේ, මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වනවිට පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ද පරීක්ෂණ පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේය,

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ අදාළ විමර්ශන අවසානයේ දී සිදුවීම පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ලබාගත හැකි බවත්, එයට වගකිව යුතු පාර්ශව කවුරුන්ද යන්න අනාවරණය කළ හැකි බවත්ය.

මේ වනවිට අදාළ විමර්ශන කටයුතු අඩිනම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත්, එම විමර්ශන අවසන් වූ වහාම සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු සභාවට දැනුම්දෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ යළි වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 26) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ලක්ෂයක් අල්ලස් ගත් හිටපු ඉඩම් නිලධාරියෙකුට වසර 22ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් !

සටහන - රුවන් නෙළුගොල්ල තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක ගසක් කපා...

බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට කොමිසමේ අනුමැතිය. බස් සංගම්වල දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට ජාතික...

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...