අපි වැටුප් ගන්නෙ නැහැයි කියලා පොරොන්දුවක් දීලා නෑ – මාලිමා මන්ත්‍රීනී ලක්මාලි

Date:

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැටුප් ලබා නොගන්නා බවට පොරොන්දුවක් දී නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසයි.

“අපි වැටුපක් ගන්නෙ නැහැයි කියලා පොරොන්දුවක් දීලා නැහැ. ඒ කියන්නෙ පළවෙනි කාරණය. අපේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් නිශ්චිත කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වැටුප් කපනවා වගේ අදහසක් – මොකද මේ අපි විතරක් නෙවෙයිනෙ, දැන් අපි පොදු අරමුදලකට බැර කරන එක වෙනම කතාවක්. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඉන්නවානෙ. එතකොට ඒ මන්ත්‍රීවරුන්ගෙ වැටුප කපනවා කියලා අපට කියන්න බැහැනෙ ජාතික ජන බලවේගයේ රජය හැටියට. ඉතින් ඒක හින්දා මන්ත්‍රීවරුන්ගෙ වැටුප් අහිමිවෙනවා වගේ ප්‍රතිපත්තියක් නැහැ. නමුත් තියෙන වෙනස තමයි අපි පොදුවේ, මං හිතන්නෙ ඒක මේ අලුත් භාවිතාවක් නෙවෙයි, ඒක දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මීට පෙර පාර්ලිමේන්තුවේ ඉන්නකොටත් ඒ ආකාරයෙන්ම තමයි ක්‍රියාත්මක වුණේ. වැටුප පොදු අරමුදලකට තමයි බැරවෙන්නෙ. එතනින් දැන් ඒ මන්ත්‍රීවරු ජීවත් වූණානෙ, කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑනෙ. ඒක මැනේජ් කරගන්න අපි සාමුහික වගකීමක් අරගෙන ඒ පිළිබඳව කටයුතු කරන්න අපේ පක්ෂයට සහ මන්ත්‍රීවරුන්ට හැකියාව තියෙනවා. මං හිතන්නෙ ඒක ගැන විපක්ෂයේ පක්ෂ හෝ මන්ත්‍රීවරු කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අපට බලාගන්න පුළුවන්, ඒක ගැටලුවක් නෙවෙයි. මං හිතන්නෙ අර නීතීඥවරියක් හැටියට මේ දේශපාලනය කරන එක සහ දේශපාලන භාවිතාවේ යෙදෙද්දී අර අධික වියදම් සහිතව අපට කොහොමත් අපි කරන දේශපාලනය කරන්නට බැහැනෙ. ඉතින් ඒක හින්දා අපි බොහොම සාමාන්‍ය මිනිස්සු හැටියට ජීවත් වෙන්නෙ. ඒක හින්දා බොහොම ලොකූ වියදමක් අපට අවශ්‍ය වෙන්නෙ නැහැ කියන එක තමයි පුද්ගලිකව මගේ අදහස”

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...