මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණයට කඩිනම් විසදුම්!

Date:

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණය සඳහා කඩිනම් විසදුම් යොදන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා පැවසීය.

අධික වර්ෂාව, සුළං හා කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් සිදුව ඇති ආපදා කළමණාකරණය කර ගැනිම සඳහා කෙටි කාලීන විසදුම් ද එවැනි ආපදා ඉදිරියේදී සිදුවීම අවම කර ගැනීම සඳහා දීර්ඝ කාලීන විසදුම් ද යොදන බවයි ඒ මහතා පැවසුවේ.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණය කර ගැනීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

අවහිරවී ඇති මාර්ග 30ක පමණ අවහිරතා මේ වන විට ඉවත් කොට ඇති අතර එවැනි ස්ථාන හදුනා ගැනිම මගින් ඉදිරි ආපදා වැළැක්විම සම්බන්ධයෙන් මෙහිදී සාක්ච්ඡා විය.

අකුරණ නගරය තුළ සිදුවන ගං වතුර තත්ත්වය ඉදිරියේදී පාලනය කර ගැනිම සඳහා විසදුම් යොදන බවට ද මෙහිදී සාකච්ඡා විය.

මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 307ක සාමාජික සාමාජිකාවන් 1297ක් මේ වන විට ආපදාවන්හි බලපෑමට ලක්වී සිටින අතර අවතැන් වූ පවුල් 193ක් දැනට ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලිකව රඳවා සිටින බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිලූකා බුලත්ගේ මහත්මිය මෙම සාකච්ඡාවේදී සඳහන් කළාය.

ඉකුත් දින හතරක කාලය තුළ සිදුවූ ආපදා නිසා මහනුවර දිස්ත්‍රික්කයේ මරණ වාර්තා නොවුණත් තුවාල සිදුවීම් 03ක් සිදුව ඇතැයි ද බුලත්ගේ මහත්මිය කීවාය. නිවාස 08ක් පූර්ණ හානියට පත්වී ඇති බවත් නිවාස 220ක් අර්ධ හානියට ලක්වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

මාර්ග හානි හා අවහිරවීම් 30ක් ගොඩනැගිලි හානි 05ක් සහ ඇළ මාර්ග අවහිරවීම් 10ක් මහනුවර දිස්ත්‍රික්කය තුළ වාර්තාවී ඇතැයි ද අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය කීවාය. ආපදා කළමණාකරණය වෙනුවෙන් දැනට ඇති රුපියල් ලක්ෂ 02ක මුදලට අමතරව තවත් රුපියල් මිලියන 01ක ප්‍රතිපාදන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවත් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් සිට මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස හානි වෙනුවෙන් රුපියල් මිලියන 20ක මුදලක් අවශ්‍ය බව බවට අමාත්‍යංශයෙන් ඉල්ලුම් කර ඇති බව ද අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ මහත්මිය සඳහන් කළාය.

අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ඉදිරිපත් කළ දත්තවලට අමතරව පසුගිය 27වැනිදා රාත්‍රී හා 28 යන දිනයන්හි සිදුව ඇති ආපදා පිළිබදව එහිදී තොරතුරු ලබා ගත් අතර මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා පානීය ජලය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී පළාත් පාලන ආයතන වෙත උපදෙස් ලබාදිම ද ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක මහතා, ජගත් මණුවර්ණ කොඩිතුවක්කු, ගෙදර කුඹුරේගෙදර බස්නායක, රියාස් මොහොමඩ්, දෝණ තුෂාරී ජයසිංහ, මොහොමඩ් පස්මීන් යන මහත්ම මහත්මීන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, වැඩබලන මහනුවර දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර යන මහත්වරුන්ද ප්‍රාදේශීය ලේකම්වරු හා අයතන ප්‍රධානීන් රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවිය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...