මල්වතු ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම පැය 48කට දීර්ඝ කරයි. රාජාංගනය ජලාශයේත් වාන් දොරටු 10ක් විවෘත වෙයි!

Date:

කොළඹ LNW:මල්වතු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දිර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කලා ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ද ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර, මහවැලි ගඟ, මුන්දෙණි ආරු ද්‍රෝනිය, දැදුරු ඔය සහ හැඩ ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඊයේ (28) පස්වරුවේ සිට ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර තිබේ.

තවද අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. එම වාන් දොරටු 10 විවෘත කිරීමෙන් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...