මල්වතු ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම පැය 48කට දීර්ඝ කරයි. රාජාංගනය ජලාශයේත් වාන් දොරටු 10ක් විවෘත වෙයි!

Date:

කොළඹ LNW:මල්වතු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දිර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කලා ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ද ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර, මහවැලි ගඟ, මුන්දෙණි ආරු ද්‍රෝනිය, දැදුරු ඔය සහ හැඩ ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඊයේ (28) පස්වරුවේ සිට ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර තිබේ.

තවද අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. එම වාන් දොරටු 10 විවෘත කිරීමෙන් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...