කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024 නොවැම්බර් මාසය සඳහා වේ.

එයට අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇති බව සඳහන් වේ. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා අඩු වී ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 1.0%ක් ලෙස වේ.

එමෙන්ම, 2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -1.6% ක් ලෙස වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...