කෙහෙළියගේ ඉමියුනිග්ලෝබියුලීන් ගැන අහන්න අද බන්දුලව CID කැඳවයි!

Date:

කොළඹ LNW:ප්‍රශ්නගත ඉමියුනිග්ලෝබියුලීන් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා අද (29) හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් එම මිලදී ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණු අතර එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් ඊට අනුමැතිය ලබා දුන් කැබිනට්ටුවේ බන්දුල ගුණවර්ධන මහතා ද සිටියේය.

ඒ අනුව කැබිනට් සාමුහික වගකීම යටතේ බන්දුල ගුණවර්ධන මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර සිටියි.

මෙම බල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු,රොෂාන් රණසිංහ,රමේෂ් පතිරණ, විජේදාස රාජපක්ෂ,නලීන් ප්‍රනාන්දු,විදුර වික්‍රමනායක සහ නසීර් අහමඩ් යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබේ.

එවකට කැබිනට් මණ්ඩලයේ මූලාසනය දැරූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන යන අයගෙන්ද මෙම ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට කියමිත බව සදහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...