කෙහෙළියගේ ඉමියුනිග්ලෝබියුලීන් ගැන අහන්න අද බන්දුලව CID කැඳවයි!

Date:

කොළඹ LNW:ප්‍රශ්නගත ඉමියුනිග්ලෝබියුලීන් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා අද (29) හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් එම මිලදී ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණු අතර එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් ඊට අනුමැතිය ලබා දුන් කැබිනට්ටුවේ බන්දුල ගුණවර්ධන මහතා ද සිටියේය.

ඒ අනුව කැබිනට් සාමුහික වගකීම යටතේ බන්දුල ගුණවර්ධන මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර සිටියි.

මෙම බල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු,රොෂාන් රණසිංහ,රමේෂ් පතිරණ, විජේදාස රාජපක්ෂ,නලීන් ප්‍රනාන්දු,විදුර වික්‍රමනායක සහ නසීර් අහමඩ් යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබේ.

එවකට කැබිනට් මණ්ඩලයේ මූලාසනය දැරූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන යන අයගෙන්ද මෙම ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට කියමිත බව සදහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...