කලා ඔය බසයේ මගින් 34ක් මුදා ගනී – නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම (PHOTOS)

Date:

කොළඹ LNW:අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට මුදාගෙන තිබේ.

ඔවුන් මේ වනවිට නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.

නාවික හමුදාවේ මැදිහත්වීමෙන් එම මුදාගැනීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන අතර තවදුරටත් එය ක්‍රියාත්මක බවද වාර්තා වෙයි.

එම බසයේ මගීන් 70ක් පමණ සිටි බවට වාර්තා වී තිබුණි.

අනතුර වාර්තා වූ මොහොතේ සිට ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ අකර තිබුණු අතර අයහපත් කාලගුණය ඊට බාධා පමුණුවා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ඔවුන් නිරුපද්‍රිතව මුදා ගැනීම සිදුවෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...