දිට්වා කුණාටුවේ අලුත්ම තත්ත්වය – කාලගුණේ අලුත්ම වාර්තාව මෙන්න!

Date:

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව යාපනය සිට නැගෙනහිර දෙසින් කේන්ද්‍රගතව පවතින අතර මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පළකර ඇත. ඇතැම් ස්ථානවලට මි.මි. 100 වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සුළගේ වේගයද පැ.කි.මි. 80 – 90 දක්වා ප්‍රහාරාත්මක විය හැකි බව දක්වා ඇත.

තද වැසි සහ තද සුළං මඟින් ඇති විය හැකි අනතුරු අවම කරගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් ඉවත්වන ලෙසද උපදෙස් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...