සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය හෙට වර්ජනයට නෑ

හෙට (30) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට තමන් කිසිදු සහයෝගයක් ලබානොදෙන බව අධිකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තීය සමිතියක් වන සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ හිටපු ලේකම් ආර්. සුදත් පාලිත මහතා පැවසුවේ තම සංගමය අධිකරණ පද්ධතියේ විනය සහ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බවත් අධිකරණයේ ස්වාධීනත්වය හානි වන ආකාරයට කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සහාය නොදෙන බවත් ය.

එමෙන්ම අධිකරණ පද්ධතියේ කිසිදු වෘත්තීය සමිතියක් මෙම වැඩවර්ජනය සහාය නොදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමයේ වත්මන් ලේකම් වසන්ත කුමාර පීරිස් මහතා පැවසුවේ හෙට දිනයේ අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි නෑ: ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට (30) දිනයේ ක්‍රියාත්මක...

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ.

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා...

වී වගාවෙන් 1/3ක් ඉවත් කිරීමේ කතාව අමනෝඥ මෝඩ කතාවක් – විපක්ෂ නායක

අප රට සහලින් ස්වයංපෝෂිත සේම සහල් අතිරික්තයක් ඇති බවත්...

නැගීඑන ආසියානු ක්‍රිකට් අවසන් මහා තරගය: ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී...