යුක්රේනයට විදුලිය නොමැති අඳුරු ශීත සෘතුවක්

Date:

යුක්රේනයේ බලශක්ති හා යටිතල පහසුකම්වලට දිගින් දිගටම එල්ලවන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්රේනය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විදුලිය නොමැති ශිත සෘතුවකට මුහුණ දී සිටිති.

මේ වන විට යුක්රේනයේ Kyiv අගනුවර සිට දකුණේ Odesa සහ බටහිරින් Vinnytsia දක්වා විදුලි බලාගාර විනාශ වී ඇති අතර යුක්රේනයේ ජාතික බලශක්ති සමාගම වන Ukrenergo පවසන්නේ විදුලි ස්ථාපනයන්ට සිදුවන හානිය කෙතරම් විශාලද යත් ඉල්ලුමෙන් 50%ක් සපුරාලිය නොහැකි බවයි. එමෙන්ම තවත් බලශක්ති සැපයුම්කරුවෙකු වන යස්නෝ පවසන්නේ යුක්රේනියානුවන්ට මාර්තු දක්වා විදුලිය විසන්ධි කිරීමට ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසූයේ මිලියන හයකට ආසන්න ජනතාවකට විදුලිය විසන්ධි වී ඇති බවයි.

මේ වන විට විදුලිය ඇනහිටීම් නිසා යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය බිංදුවට වඩා පහත වැටීම නිසා බොහෝ අය තාපය නොමැතිව විශාල ගැටලුවකට මුහුණ දී ඇත. විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට විදුලි ජනක යන්ත්‍ර සහ විදුලි රැහැන් වැනි උපකරණ මිලදී ගැනීමට යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය මුදල් ලබා දී ඇත.

එක්සත් ජාතීන්ගේ ජන සංහාර සම්මුතිය මගින් සපයන ලද නිර්වචනයකට අනුව “ජාතික, වාර්ගික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාව” ජන සංහාරයට ඇතුළත් වේ. ඒ අනුව යුක්රේනයේ නීතිපති ජනරාල් Andriy Kostin ප්‍රකාශ කරන්නේ රුසියාව විසින් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාර ජන සංහාරයකට සමාන බවයි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...