දේශබන්දු අත් අඩංගුවට ගන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Date:

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා නීතීඥයකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාව සැකකරුවෙකු වශයෙන් නම් කර, ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි මෙම පෙත්සමෙන් අයදුම් කර ඇත.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ගෝල්ෆේස් අරගලයට සහාය දැක්වූ නීතීඥයකු වන රාමලිංගම් රංජන් මහතා විසිනි.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...