මට්ටක්කුලිය අමානුෂික ඝාතනය

Date:

ඊයේ දහවල් (28) මට්ටක්කුලිය ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස ලබා සිටි පුද්ගලයෙකි.

පාස්කු ප්‍රහාරයට අදාළව ඔහු ජාඇළ ප්‍රදේශයේදී තවත් සැකකරුවන් සිව්දෙනෙකු සමඟ අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි.

2019 වර්ෂයේදී සැකකරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ එම පිරිස සතුව තිබී ඩෙටනේටර් දෙකක්, ඇමෝනියා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක්, යුද ඇඳුම්වලට සමාන නිල ඇඳුම් කට්ටල දෙකක් සහ ජෙලට්නයිට් කූරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

අනතුරුව අත්අඩංගුවට ගත් 5දෙනාගෙන් තිදෙනෙකු නිදහස් කර තිබේ.

ඔවුන්ට එරෙහිව එම නඩුව පැවරීමට නොහැකි තත්ත්වයක් තිබූ නිසා මෙලෙස සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (28) දිනයේ මට්ටකුලිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇත්තේ එලෙස නිදහස ලැබූ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකි.

ඔහුට එරෙහිව පවරා තිබූ වෙනත් නඩුවක් සඳහා පෙනී සිටීමට අධිකරණය වෙත ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් එම නඩුව ඔහුට එරෙහිව පවරා ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ලව ඇති චෝදනාවකටය.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ උණ්ඩියල් මුදල් හුවමාරු කිරීමේ නිරතවන අයෙකු බවටය.

එම නඩුවට පෙනී සිටි සැකකරු නැවත නිවසට පැමිණෙමින් සිටියදී ඔහු පැමිණි මෝටර් රථය පසුපසින් සැකකරුවන් පැමිණි මෝටර් රථය අනතුරට ලක්වීමට සලස්වා තිබේ.

අනතුරට ලක්වීමත් සමඟ සැකකරු මෝටර් රථයෙන් පිටතට පැමිණීමත් සමඟ ඔහුට පසුපස මෝටර් රථයේ පැමිණි සැකකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ.

කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් මෙම ඝාතනය සිදුකළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

? අදාළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා –

“එක පැත්තකින් අපිට ආරංචි වෙනවා පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් වෙලා ඉන්න පුද්ගලයෙක්ව මරල දමනවා. ඉතින් මම අහන්නේ ගරු කථානායකතුමනි මොකක්ද මේ රටේ වෙන්නේ. මේ අවනීතිය නේද. පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් එහෙම මරා දැමීම තුළ බොහොම සැකකටයුතු තත්ත්වයක් නිර්මාණය වෙනවා.”?

ලෙස සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

රෂිකා හෙන්නායක
2022.11.29

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...