*
Friday, November 22, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 50 වැනි ස්මාර්ට් ක්ලාස් රූම් එක කඩුගොඩ කනිෂ්ට විද්‍යාලයට (VIDEO)

ලෝකයට විවෘත වෙනවා වෙනුවට සැඟවී බොරුවට ‘අපි තමයි අංක 1’ යැයි පුරසාරම් කියන බවත් අලුත් ගමනක් යාමට නම් අවබෝධයෙන් තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බවත් එහි දී තොරතුරු සැඟවීම නොකල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රටේ පාලන බලයේ සිටි නායකයෝ 3 දෙනකු ඇතුලු නිලධාරීන් ගණනාවක් රට බංකොලොත් කළ බවට ගරු අධිකරණය ඉදිරියේ සනාථ වී ඇති බවත් මේ තොරතුරු පාසල් දරුවන්ට කියන්න එපා යනුවෙන් පැවසුවත් පාසල් දූදරුවන්ට ද තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ බංකොලොත්භාවයත් බංකොලොත් කිරීමට තුඩු දුන් පුද්ගලයනුත් එම බංකොලොත් භාවයෙන් ගොඩ යා හැකි ආකාරයත් දැන ගැනීමේ අයිතිය දූදරුවන්ට ඇති බවත් මේ වන විට රට තුළ තොරතුරු සගවමින් සිටින බවත් රට විනාශ කළ නායකයකුගේ පුතෙක් පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය නතර කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ඔවුන් උත්සාහ කරන්නේ ජනතාවගෙන් සහ පාසල් දරුවන්ගෙන් සත්‍ය සැගවීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල 50 වැනි වැඩසටහන යටතේ අවිස්සාවේල් කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට විනාශ කළ හොර කල්ලියේ තොරතුරු පෙර පාසල් දරුවන්ගෙන් සිට ලක්ෂ 220ම දැන ගත යුතු බවත් බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් හැමෝම එකට එකතු වී වැරදුනු තැන් හදුනා ගත යුතු බවත් මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකු හෝ නායකයකුගේ වහල් භාවයට ලක් නොවී ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් ස්වාධිනව තමන්ගේ සිතුම් පැතුම් කේන්ද්‍ර කර ගෙන ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රට විනාශ කළ නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට වන දැවැන්ත අත්සන් මාලාවක් එකතු කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය රට පුරා ක්‍රියාත්මක කරන බවත් රට බංකොලොත් කිරීම නිසා විනාශ වූ සෑම දේපලකටම ව්‍යාපාරයකටම වන්දි ඉල්ලා අධිකරණයට යාමේ අවස්ථාව ද සමගි ජන බලවේගය උදාකර දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය වී තිබේ. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 50ක් සදහා රුපියල් ලක්ෂ 467ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇත..

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan