මේ ආණ්ඩුවේත් අවසානය ඇරඹුණා. රනිල් ජනාධිපතිවරණයට කිසිසේත්ම එන්නේ නෑ – විමල් (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම එළඹෙන ජනාධිපතිවරණයට තරග නොකරනු ඇතැයි තමන් අනාවැකියක් පවසන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

“ජනාධිපතිවරයා ඊයේ තමන් කවුද කියන එක මැනවින් පෙන්වා දුන්නා, දූෂිතයින්ට එරෙහිව කතා කරන ඇමතිවරයාව එළියට දාලා දූෂිතයින්ගේ පැත්තේ හිටගත්තා. එතකොට රාජ්‍යය හා ජනතාව අතර තියෙන සම්මුතිය මේ මගින් රැකෙනවාද ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා මාවත් උදය ගම්මන්පිල ඇමතිතුමාවත් ඇමතිකමෙන් එළියට දැම්මා. ඒක තමයි ඒ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වුණේ. ජනතාව හා රාජ්‍ය අතර සම්මුතිය බිඳවැටීම පටන් ගත්තේ එතනින්. ජනතාව හා රාජ්‍ය අතර සම්මුතිය බිඳවැටීමේ මේ ආණ්ඩුවේ අවසානය තමයි ඊයේ ආරම්භ කළේ. රොෂාන් අමාත්‍යවරයාව ඉවත් කරලා ඒ පෙන්නුවේ හොරු සමග හෙළුවෙන් කියලා”

“මම නම් හූනා කිව්වා වගේ කියන්නම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණයකට එන්නෙ නෑ. කවුරුහරි හිතන් ඉන්නවා නම් එයි කියලා, අනේ පව් කියලා තමයි මට කියන්න තියෙන්නෙ. කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට එන්නෙ නෑ. මං හිතන්නෙ එතුමා බලයි වෙන කොහේ හරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ. එතුමා කොහොමහරි ජනාධිපති පුටුවට ගියා, දැන් ඒක ඉවර වෙනවා, එතනින් එහාට මේ රටේ අනාගතය පිළිබඳ වගකීමක් ඔහුට නෑ. ඔහු එහෙම කල්පනා කරන්නෙ නෑ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...