*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

ඩයනාගේ පුරවැසිභාවයට මොකද වෙන්නෙ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) දින නියම කළේය.

ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බවත්, එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ඇයට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන ක්වෝ වොරොන්ටෝ (Quo Warranto) රීට් ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනුකර ඇත.

එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට ගැනීම සඳහා ලබන වසරේ ජනවාරි 08 වැනිදා නියම කළැ බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan