ඊලොන් මස්ක්ට භයානක ආරාධනයක්!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් සිදු වූ විනාශයේ තරම බැලීමට හමාස් සංවිධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු විසින් ගාසා තීරයට පැමිණෙන ලෙස ඊලොන් මස්ක්ට ආරාධනා කර තිබේ.

ගාසා තීරයේ ජනතාවට එරෙහි ව සිදු කර ඇති සමූල ඝාතන හා විනාශයේ තරම දැක බලා ගැනීමට ගාසා තීරයට පැමිණෙන ලෙස අපි ඔහුට ආරාධනා කරනවා”

යැයි හමාස් ජ්‍යේෂ්ඨ නිලධාරී ඔසාමා හම්දාන් බීරූට්හි පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබේ.