අත්හිටුවා තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමට ADB වෙතින් ඇ. ඩො. මි 60ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආසියානු සංවර්ධන බැංකුව මඟින්, අරමුදල් නොලැබීම හේතුවෙන් අත්හිටුවා තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ අසම්පූර්ණ මාර්ගවල කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා රුපියල් කෝටි 1974ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 60ක්) ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම ණය මුදල මෙරටට ලබාදීම සඳහා වූ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono මහතා අතර ඊයේ (28) අත්සන් තබා ඇත.

වැඩ අතරමඟ නවතා ඇති අසම්පූර්ණ මාර්ග සහ අලුත්වැඩියා කළ යුතු මාර්ගවල කටයුතු ඉක්මන් කිරීම සඳහා මේ මුදල් යෙදවීමට රජය බලාපොරොත්තු වේ.

ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාවට නංවා තිබූ අතර එහි දෙවැනි ආයෝජන වැඩසටහන යටතේ හතර වැනි වාරිකය ලෙස මෙම ණය මුදල ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙනු ඇත. මෙම ණය මුදල ලබා ගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා අනුමැතිය ලැබුණු බව ද කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (28) පැවසීය. ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ වූ ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති මුදල් නොලැබීම හේතුවෙන් අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මඟින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු එම ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අදාළව සාකච්ඡා කර තිබේ. ඒ අනුව මෙම ණය මුදල සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබිණි. මෙම හතරවැනි වාරිකයේ මුළු ආයෝජන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 68.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් රජය මඟින් දරනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...