සටන් විරාමයක් වෙනුවෙන් ලෙබනනයේ හමුදාව සමඟ එක්ව කටයුතු කරන බව හිස්බුල්ලා ප්‍රධානියා ප්‍රකශ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය සමඟ එකඟ වූ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ලෙබනන් හමුදාව සමඟ කටයුතු කරන බව හිස්බුල්ලා මහලේකම් නයිම් කාසෙම් ප්‍රකශ කර තිබේ.

සටන් විරාමය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද කමිටුවක සාමාජිකයින් ලෙස ඇමරිකානු සහ ප්‍රංශ නිලධාරීන් බේරූට් වෙත පැමිණ ලෙබනන් හමුදා නිලධාරීන් හමුව ඇති අතර ඊශ්‍රායල හමුදාවන්ට ඔවුන්ගේ ඉවත් වීම සම්පූර්ණ කිරීමට දින 60ක කාලයක් ලබා දී තිබේ.

2023 ඔක්තෝම්බර් මාසයේ සිට සටන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,961 ක් මිය ගොස් 16,520 ක් තුවාල ලබා ඇති අතර ඊශ්‍රායල් හමුදාව විසින් අවම වශයෙන් හිස්බුල්ලා සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2,500ක් මරා දැමූ බව කියවේ. මිට අමතරව ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ තමන් අණදෙන මධ්‍යස්ථාන 1,600 ක් සහ ආයුධ ගබඩා 1,000 ක් ඇතුළුව හිස්බුල්ලා ඉලක්ක 12,500 කට වඩා පහර දී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...