සටන් විරාමයක් වෙනුවෙන් ලෙබනනයේ හමුදාව සමඟ එක්ව කටයුතු කරන බව හිස්බුල්ලා ප්‍රධානියා ප්‍රකශ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය සමඟ එකඟ වූ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ලෙබනන් හමුදාව සමඟ කටයුතු කරන බව හිස්බුල්ලා මහලේකම් නයිම් කාසෙම් ප්‍රකශ කර තිබේ.

සටන් විරාමය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද කමිටුවක සාමාජිකයින් ලෙස ඇමරිකානු සහ ප්‍රංශ නිලධාරීන් බේරූට් වෙත පැමිණ ලෙබනන් හමුදා නිලධාරීන් හමුව ඇති අතර ඊශ්‍රායල හමුදාවන්ට ඔවුන්ගේ ඉවත් වීම සම්පූර්ණ කිරීමට දින 60ක කාලයක් ලබා දී තිබේ.

2023 ඔක්තෝම්බර් මාසයේ සිට සටන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,961 ක් මිය ගොස් 16,520 ක් තුවාල ලබා ඇති අතර ඊශ්‍රායල් හමුදාව විසින් අවම වශයෙන් හිස්බුල්ලා සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2,500ක් මරා දැමූ බව කියවේ. මිට අමතරව ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ තමන් අණදෙන මධ්‍යස්ථාන 1,600 ක් සහ ආයුධ ගබඩා 1,000 ක් ඇතුළුව හිස්බුල්ලා ඉලක්ක 12,500 කට වඩා පහර දී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : ඉන්දීය යුද හමුදාපති...

අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : අද (18) අලුයම...

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...