ලංකාවට ඇබා පැමිණීම විශාල ගෞරවයක්. මම ඇබා අහන්නේ බබා කාලෙ ඉඳලා – ඇමති විජිත

ලෝක ප්‍රසිද්ධ ඇබා සංගීත කණ්ඩායමේ පැමිණීම ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් බවත් තම සංචාරක අමාත්‍යවරයා වශයෙන් එම අවස්ථාව ප්‍රවර්ධනය කිරීම සඳහා මැදිහත් වූ බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“ඇබා සංගීත කණ්ඩායම කියන්නෙ ලෝක ප්‍රසිද්ධ, ලෝකයේ ජනාදරයට පත්වෙච්ච ප්‍රවීන ගායක කණ්ඩායමක්. ලංකාවට ඇබා කණ්ඩායමේ පැමිණීම විශාල ගරුත්වයක්. මම සංචාරක ඇමතිවරයා, ඉතින් මම ඒ කටයුත්ත ප්‍රවර්ධනය කිරීම සඳහා මැදිහත් වුණා. සංගීතය විශ්ව භාෂාවක්. මම පුංචි කාලෙ ඉඳලා ඇබා, බොනිඑම් සිංදු අහනවා. මගේ වාහනෙත් ඇබා සිඩී පටියක් හැමදාම තියෙනවා. ඉතින් ඒවා මේ අලුත් දේවල් නෙවෙයි. මේවා මැජික් වෙච්ච කට්ටිය පුදුම වෙලා එක එක ඒවා කියනවා. අපිට නම් ඕවා මැජික් නෙවෙයි. අපි ඇබා සිංදු අහන්න පටන් ගත්තෙ බොනිඑම්ලාගෙ සිංදු අහන්න පටන් ගත්තෙ ඉස්කෝලෙ යන කාලෙ, තාමත් අපට ඒ රසාස්වාදය තියෙනවා”

අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 29) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ලෝක ප්‍රසිද්ධ ඇබා සංගීත කණ්ඩායම නොව ඔවුන්ට උපහාර පිනිස ඔවුන්ගේ ගීත ගායනා කරන වෙනත් සංගීත කණ්ඩායමකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...