*
Saturday, November 30, 2024
spot_img

Latest Posts

හාල් ආනයනයෙනුත් අන්තිමේ මහ මෝල් හිමියන්ටම කල්ල මරේ ?

පසුගිය කන්නයේ ප්‍රමාණවත් වී අස්වැන්නක් ලැබී තිබුණු නමුත් මේ වනවිට වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවී තිබේ. ඒ අනුව ඊට පිළියම් වශයෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා පෞද්ගලික අංශයෙන් ටෙන්ඩර් ද කැඳවා ඇත.

සහල් ආනයනය කිරීම තම රජයේ ප්‍රතිපත්තිය නොවුණත් මේ මොහොතේ උද්ගතව ඇති තත්වය මත සහල් ආනයනය කිරීමට සිදුවන බව රජය පවසන අතර මහා පරිමාණ මෝල් හිමියන් මට්ටු කිරීම සඳහා මෙසේ සහල් ආනයනයට තීරණය කෙරුණු බවත් ආණ්ඩු පාක්ෂිකයින් පවසනු පෙනේ.

කෙසේවෙතත් මේ සහල් පිටරටින් ගෙන්වීමෙනුත් අවසානයේ විශාල ලාබයක් අත්කර ගන්නේ මහා පරිමාණ මෝල් හිමියන් විසින්ම බවයි ක්ෂේත්‍රයට අදාළ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඒ, පහත ආකාරයට ය.

රජය තීරණය කර ඇති ආකාරයට ඉන්දියාවෙන් ගෙන්වන සහල් මෙරටට එන්නේ දෙසැම්බර් මස මැද භාගයේදී ය. මෙම සහල් තොගය වෙළඳපොලට නිකුත් වීමත් සමග වී මිල විශාල වශයෙන් අඩුවන බවට කතාවක් පැතිර යාම ස්වභාවික ය. එහිදී දැනට වී තොග සන්තකයේ තබාගෙන සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ ගොවීන් කරන්නේ හැකි ඉක්මනින් තමන් සතු වී තොග විකුණා දැමීමයි. ඒ, විකුණා නොදමා දිගු කාලයක් වී තොග තමන් සතුව තබා ගැනීමට ඔවුන්ට ආර්ථික ශක්තියක් නොමැති නිසාවෙනි. විශේෂයෙන්ම බැංකු ණය පියවීම සඳහා වී විකිණීමට ඔවුන්ට සිදුවේ.

(මෙරට මහා පරිමාණ මෝල් හිමියන් ද සිය වී තොග පවත්වාගෙන යන්නේ බැංකුවලින් මහා පරිමාණයෙන් ලබාගත් ණය හරහා වන නමුත් ඔවුන් විශාල වශයෙන් සහල් නිෂ්පාදනය කර දිනපතා වෙළඳපොලට නිකුත් කරන නිසා ණය වාරික ගෙවාගෙන යාම ඔවුන්ට ප්‍රශ්නයක් වන්නේ නැත. එසේම ණයට අදාළ පොළියත් සහල් මිලට එකතු කරන නිසා ඔවුන්ගේ ලාබයට එයින් ප්‍රශ්නයක් ද නැත)

ඉහත ආකාරයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ ගොවීන් තමන් සතු වී තොග කඩිනමින් විකුණද්දී ඒවා අඩු මිලකට මිලදී ගැනීමට සූදානමින් සිටින්නේ ද මහා පරිමාණ වී මෝල් හිමියන්ම ය. පිටරටින් ආනයනය කළ සහල් තොගය වෙළඳපොලේ විකිණී අවසන් වූ පසුව තමන් අඩු මිලට මිලදීගත් වී තොග සහල් කරමින් ඔවුන්ට තවත් විශාල ලාබයක් ඉපයීමට හැකිවේ. දැනට වගා කෙරෙන කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වන්නේ 2025 පෙබරවාරි මැද භාගයෙන් පසුවයි.

ඒ අනුව සහල් ආනයනය කිරීමෙනුත් අවසානයේදී සිදුවන්නේ මහ මෝලුන් මට්ටු කිරීමක් නොව ඔවුන්ට තවත් විශාල ලාබයක් ලැබෙන තැනට වැඩ සිද්ධ වීමකි. මේ වනවිට රටේ පවතින නාඩු සහල් හිඟය අනුව සහල් ආනයනය කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයකුත් නැත.

මේ රටේ සමහර දේවල් සිද්ධ වන්නේ ඔන්න ඔය විදියටය ….

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan