සංචාරක පැමිණීමේ කැපීපෙනෙන වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ (LNW):

මෙම වසරේ ඔක්තෝබර් මස අවසානය වන විට සංචාරකයින් දාසය ලක්ෂ විසිදහස් හත්සිය පහලොස් දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙන අතර, ඒ අනුව වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් බවත් පෙන්වා දෙයි.

මෙම වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේ වන අතර එම ප්‍රමාණය දෙලක්ෂ දහඅට දහස් තුන්සිය පනහක් වේ. 2023 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 102.08%ක වර්ධනයක් පෙන්නුම් කරන බව පැවසේ.

ඔක්තෝබර් මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්පන්දහස් නවසිය හතක්, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 24.5%ක සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත. ජනවාරි සිට ඔක්තෝබර් අවසානය දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය තුන්ලක්ෂ විසිදෙදහස් නවසිය හැත්තෑ තුනක් වේ.

එමෙන්ම ජනවාරි සිට මේ දක්වා සංචාරක පැමිණීම තුළින් මෙරටට බිලියන 2.5 ක මුදල් ප්‍රමාණයක් ඉපැයීමට හැකියාව ලැබුණු බව මහබැංකුව පසුගියදා නිවේදනය කළේය.

ඉන්දියාවට පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ, එක්සත් රාජධානිය,රුසියාව ,ජර්මනිය සහ චීනය යන රටවල්වලින් බව පැවසේ. 2023 වසරට සාපේක්ව මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල පිබිදීමක් දැකගත හැකි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...