*
Saturday, November 30, 2024
spot_img

Latest Posts

අසමාන බව සිතන ලෝකය සමාන පොළවක් කරන ඔලිම්පික් බිමේ ප්‍රයිඩ් හවුස්

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 30,(LNW) කොළඹ :

මිත්‍යාව වෙනුවට විද්‍යාව ප්‍රබල වන්නට වන්නට මිනිස් වර්ගයා තුළ බෙදීම් පටු වන්නට සහ ක්ෂය වන්නට පටන්ගෙන ඇත.බලය කේන්ද්‍ර කර ගත් බල දේශපාලන ව්‍යාපෘතිවලින් මෙපිට මිනිස්සු සමාන බව ද,සියලු මිනිසුන්ට සමාන අයිතිය හිමි බව ද විද්‍යාව විසින් ඒත්තු ගන්වමින් ඇත.ඒ සමඟම ජාතීන් සේ,ආගම් සේ ලෙස විවිධ කරුණු මත පදනම්ව බෙදී වෙන්වෙන,ගැටෙන මිනිසුන් සීමා විය යුතු සහ අඩු විය යුතු වුව ද,ලෝක දේශපාලනයේ බල අරගල අරඹයා අසීමාන්තික උවමනාවන් ඇති නායකයන් විසින් ගනු ලබන තීරණ ද,විද්‍යාව සමානව විකාශනය වීමේ අඩුවද,සම්ප්‍රදායික අදහස්වලින් සමහර විට භෞතිකව සහ පෞද්ගලිකව ලාබ උපයා ගැනීමේ හැකියාවන් නිසා ද මිනිස්සු තවමත් විශේෂ කොට තමන්ගේ අනන්‍යතාවයන් සහ අනෙකාගේ අනන්‍යතාවයන් සංසන්දනය කරන තැනෙක සිටින අවස්ථා බහුලව දැකිය හැකිය.


එහෙත් මේ වන විට ලෝකය ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය පමණක් නොව,සංක්‍රාන්තික තත්ත්වයද විද්‍යාත්මකව කියවා ගෙන ඊට ද සමාන තත්ත්වයන් නිර්මාණය කිරීම සඳහා අවධානය යොමු කර ඇත.ක්‍රීඩාව මිනිස් අයිතියක් වේ නම් එහි ද සංක්‍රාන්තික මිනිස් ප්‍රජාව සම උරුමක්කාරයන් ලෙස පිළිගත යුතුය යන ආකල්පය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවම පිළිගෙන ඇත.ඒ නිසා විද්‍යාත්මකව ශරීරය කියවාගත හැකි පරීක්ෂණවල නිරීක්ෂණ මත,සංක්‍රාන්තිකයාගේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියවා ගෙන,පුද්ගලයා කාන්තාවක්ද,පිරිමියෙක්ද යන්න නිරීක්ෂණය කර ඒ අනුව කාන්තා සහ පිරිමි අංශවලින් තරග කිරීමට අවස්ථාව දීම මේ වන විටත් ඔලිම්පික් තරගාවලි තුළ පිළිගෙන තරග කිරීමේ අවස්ථාවන්ද පිළිගෙන ඇත.


එමෙන්ම සමස්ත එල්ජීබීටීඊඅයි ලෙස ලිංගික උවමනාවන් හී විවිධත්වයද විද්‍යාත්මකව කියවා ගැනීමට සහ ඊට ගරු කිරීම වෙනුවෙන් වෙනම කළාප ඇති කිරීමටද ජාත්‍යන්තර ඔලිම්පික් කටයුතු කරමින් ඇත. ඔලිම්පික් උළෙලේ “ප්‍රයිඩ් හවුස්” යනු LGBTI+ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රසිකයින් සහ හිතවතුන් සැමරීමට සහ සහාය දැක්වීම වෙනුවෙන් සැකසි එවැනි අවකාශය යි.
එහිදී බොහෝ විට පළල් සහ විවෘත වේදිකාවක් ඇතුළත අධ්‍යාපනික දැනුවත් කිරීම් මෙන්ම,එවැනි අදහස් සහ හැඟීම්වල විද්‍යාත්මක පදනම ද සාකච්ඡාවට ගැනෙනු ඇත.2010 වැන්කුවර් ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සිට ක්‍රියාත්මකව පවතින මේ සංස්කෘතික සමාජ ඉඩ ගෙවුණු පැරිස් ඔලිම්පික් උළෙලේ ද අති රමණිය තැනෙක සයින් ගංගාවේ තොටුපලක් කේන්ද්‍ර කරගෙන ඉදි වී තිබිණ.


එය පුළුල් සංස්කෘතික හුවමාරු වැඩ සටහන් වලින් මෙන්ම, LGBTI+ ප්‍රජාවගේ කායික හා අධ්‍යාත්මික වැදගත්කමක් ඇති අධ්‍යාපනික සහ සමාජීය වටිනාකම් සහිත ක්‍රියාකාරකම්වලින් ද සමන්විත විය.එසේම මෙවැනි ලිංගික අනන්‍යතාවයන් සම්බන්ධ නිවැරදි අදහස් දැන ගැනීමට සහ සාකච්ඡා කිරීමටත් ඉඩ වෙන් වුණා සංවාදිත මණ්ඩපයක් ලෙස ද ප්‍රයිඩ් හවුස් හී ක්‍රියාකාරීත්වය හැඳින්විය හැකිය.එසේම මෙවැනි ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට ක්‍රීඩාවේදී මුහුණ පාන්නට වන ගැටළු සහ විවිධ බාධාවන් ද,ඒවා නිරාකරණය කර ගැනීමේ මාර්ගද,ස්වීය අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍යය විද්‍යාත්මක මාර්ග කවරේද යන්නත් දැන ගැනීම පිණිස මෙන්ම තමන්ගේ අදහස් බෙදා ගැනීමට සමීපතම තැන ලෙස එවැනි අනන්‍යතාවයක් සහිත පිරිස් ද එකතු වීමෙන් කාර්ය බහුල වූ ස්ථානයක් හැටියට ප්‍රයිඩ් හවුස් පැරිස් ඔලිම්පික් උළෙලේ කැපී පෙණුන තැනක් විය.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan