පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අනිවාර්යයෙන් අහෝසි කරනවා!

Date:

කොළඹ LNW:සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

වැටුප මන්ත්‍රීවරුන්ට හිමිදෙයක් වුවත් විශ්‍රාම වැටුප අනිවාර්යයෙන් අහෝසි කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිතා නොකරන බවද සමරසිංහ මහතා කියාසිටියි.

හිටපු ඇමතිවරු රජයේ නිවාස භාර දී ඇති අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු නිවාස ඉල්ලා නොමැති බවත් පාර්ලිමේන්තු සැසිවාර පවතින දිනවල නවාතැන් ගැනීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඇමතිවරයා ලෙස තමන්ට V8 වාහන තුනක් ලැබෙන නමුත් ඒ කිසිවක් තමන් පාවිච්චි නොකරන බවද සමරසිංහ මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?