රොන්ට වැටුණු බද්ද!

Date:

සටහන: පුන්සරා ලියනගේ

නොවැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):HM Revenue & Customs සමග පැවති නීතිමය සටනකින් පැරදුනු Harry Potter හි රොහ් හෙවත් Rupert Grint හට £m 1.8m බදු ගෙවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එකළ ලොකු කුඩා සැවොමගේ ආදරය දිනාගත් Harry Potter චිත්‍රපටවල රොන් වීස්ලිගේ චරිතය රඟපෑ ග්‍රින්ට්ට මුලින් දන්වා ඇත්තේ 2019 දී එම මුදල ගෙවන ලෙසට HMRC පරීක්ෂණයකින් ඔහුගේ එක් බදු ප්‍රතිලාභයක් මතභේදයක් ඇති වූ පසුවය.

36 හැවිරිදි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අභියාචනා කරමින් කියා සිටියේ සමාගමකින් ඔහුට ලැබුණු මුදල් ප්‍රාග්ධන වත්කමක් ලෙස නිවැරදිව බදු අය කර ඇති බවට තර්ක කළමුත්, HMRC පැවසුවේ එය ඉහළ අනුපාතයකින් ආදායමක් ලෙස බදු අය කළ යුතුව තිබූ බවයි.

කෙසේ වෙතත්, Grint ගේ තර්කය බදු අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇත.

2011-2012 බදු වර්ෂය තුළ, ග්‍රින්ට් ඔහුගේ ව්‍යාපාරය කළමනාකරණය කළ සමාගමකින් පවුම් මිලියන 4.5ක් ලබා ගත් අතර, එහි එකම කොටස් හිමියා ද ඔහු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්