සති දෙකකදී ජගත් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 300 ට ආසන්න ප්‍රමාණයකින් ඉදිරියට පැමිණි හසිනි සහ හසාරා දකුණු අප්‍රිකානු සූරතාවයට ආසන්න වේ.

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 29,(LNW) කොළඹ :

නොවැම්බර් 12 වන දින ජගත කාන්තා යුගල තරග අංශයේ 512 වන තැන සිටි හසිනි අම්බලන්ගොඩ සහ හසාරා විජේරත්න මේ වන සිටින්නේ අංක 225 ට පැමිණය.ඒ හැකියාවට පදනම වැටුණේ අප්‍රිකානු මහද්වීපය තුළ පැවති ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි තුනකදී මේ දෙදෙන පිට පිටම අවසාන තරග තුනකට ප්‍රවේශ වීය හැකි මට්ටමට දක්ෂතා දැක්වීමය.


ඉන් පළමුවැන්න වූ සැම්බියා තරගාවලියේදී ඔවුන්ට අනු සූතාවයෙන් සීමා වෙන්නට සිඳු විය.උගන්ඩා තරගාවලියේ කාන්තා යුගල සූරියෝ වූහ.මේ වන විට ඔවුන් දකුණු අප්‍රිකානු තරගයේ අවසාන තරගයට පිවිස ඇත.දෙසැම්බර් පළමුවන දින පැවත්වෙන එම අවසන් තරගයේදී ඔවුන් දෙදෙනාගේ ප්‍රතිවාදීන් වන්නේ උගන්ඩා තරගාවලියේ අවසාන තරගයේදී පරාජය කරන්නට සමත් වූ ඇමී ඇකර්මන් සහ ඩියෙඩ්රේ ලෝරන්ස්ය.


මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී හසිනි සහ හසාරා අතින් පරාජයට පත් වූයේ දෙබොරාහ් ගොඩ්ප්‍රි සහ ඇන්රි ස්කෝනීස් ය.ලකුණු තත්ත්වය සටහන් වූයේ 21-16 සහ 21-15 ක් ලෙසය.අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා ජය ගත්තේ ලකුණු 21-9 ක් සහ 21-10 ක් ලෙසය.පරාජයට පත් වූයේ මුරිසිය නියෝජනය කරමින් තරග වැදුණු මොරිසස් රාජ්‍යය.එම ක්‍රීඩිකාවන් නමින් විලිනා අප්පාහ් සහ ටියා බුරුතන්ය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...