සූර්‍ය පැනල ගැන ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබේ.

ඒ, වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙසයි.

විදුලි බල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහකිත කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වන බැවින් එලෙස ඉල්ලීම් කර තිබේ.