දශක දෙකකට පසුව අනඳ පැස ජය මඟට බැස

Date:

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පැසි පන්දු තරගාවලියේ අවුරුදු 20 න් පහළ සූරතාවය හිමි කර ගත්තේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයයි.නමුත් වැඩි අවධානයක් කොළඹ ආනන්දයට හිමි වුණා.ඒ සමස්ත ලංකා පාසල් පැසි පන්දු ඉතිහාසය තුළ දශක දෙකකට වැඩි කාලයක් ආනන්දයට මෙවන් අවස්ථාවක් උදා නොවිම නිසා මෙන්ම එහිදි ඔවුන් තියුණු සටනක නියැලෙමින් පරාජයට පත් වූයේ ලකුණු 53 – 54 ක් ලෙස වීම නිසයි.


තියුණු මුහුණුවරක් ගත් අවසාන තරගයේදී ජයග්‍රාහී ශාන්ත පීතර කණ්ඩායමටත් වඩා ආනන්දයට පත් ව සිටියේ අනු සූර ආනන්ද කණ්ඩායමයි.ආදි ආනන්ද පැසි පන්දු සාමාජිකයන් පෙන්වා දුන්නේ මෙය ආනන්ද පැසි පන්දුවේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.


කොළඹ රාජකීය විද්‍යාලීය පැසි පන්දු පිටියේ පැවති මෙම තරගාවලියේ අවසාන තරගයට ශාන්ත පීතර විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තේ ගාල්ල මහින්ද විද්‍යාලීය කණ්ඩායම පරාජයට පත් කරමින්.ඒ ලකුණු 80 – 33 ලෙසයි.කොළඹ ආනන්දය අවසාන තරගයට පිවිසියේ ලකුණු 59 – 45 ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරාජයට පත් කරමින්.අවසාන තරගයේදි ඒ සඳහා වඩාත්ම සුදුස්සන් පිවිස ඇති බව පැහැදිළි කරමින් මෙම විද්‍යාල දෙකම කරට කර තරගයක නියැලෙමින් පැසි පන්දු ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී ආස්වාදයක් ලබා දුන්නා.
මේ සමඟ දැක්වෙන්නේ දශක දෙකකට වැඩි කාලයක් අහිමිව තිබූ අවස්ථාවක් ආනන්දයට උදා කර දුන් අවුරුදු 20 න් පහළ ආනන්ද විද්‍යාලීය පැසි පන්දු කණ්ඩායමයි.ශාන්ත සිරිසූරිය මහතා – ප්‍රධාන පුහුණුකරු, චතුරංග ගනේගම මහතා – සහය පුහුණුකරු සහ කසුන් චතුරංග මහතා අභ්‍යාසක ලෙස කටයුතු කළ මෙම කණ්ඩායමේ භාරකාරීත්වය විදුහල්පති D. M. L. P. දිසානායක මහතාගේ මඟ පෙන්වීම මත දීපානි බෝගහලන්ද මහත්මියට පැවරි තිබුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...