පාර්ලිමේන්තුව වගේම මහ බැංකුවත් ජනතාවට වගකිව යුතුයි – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

Date:

පාර්ලිමේන්තුව පමණක් නොව, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය හා එම නිලධාරීන් ද ජනතාවට වගකිව යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂ සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

රටක් වශයෙන් මේ වන විට සියලුම දෙනා මුහුණ දෙමින් සිටින දැවැන්තම අභියෝගය හමුවේ රට යළි ගොඩනැන්වීමට නම් සියලු දෙනාගේම දායකත්වයෙන් රාජ්‍ය ආදායම් වර්ධනය කරගත යුතුයි.

පසුගිය වසර කිහිපයක් තුළ රටට අත්වූ ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පමණක් නොව, නිලධාරීන්ගේ කතිපයාධිකාරය මෙන්ම කිසිදු වගවිභාගයකින් තොරව සිදු කළ මුදල් අච්චු ගැසීම් ආදිය ඍජුවම හේතු වෙනවා. මෙරට මුදල් සම්බන්ධ බලතල පාර්ලිමේන්තුවට පැවතියද, මුදල් අච්චු ගැසීම, විදේශ විනිමය සංචිත පවත්වා ගැනීම, වෙළෙඳ පොළට මුදල් මුදා හැරීම මෙන්ම ආනයන අපනයන පාලනය ද ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයතන සතුව පවතිනවා. එම ආයතන වෙත පැවරුණු වගකීම් නිසි අයුරින් ඉටු කළේ නම් රටට මෙවැනි ඉරණමක් අත් වන්නේ නැහැ. එමෙන්ම එවැනි ආයතන හා නිලධාරීන් විසින් සිය දැනුම මෙහෙයවා දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වය පිළිබඳව නිසි පුරෝකථනයන් සිදු කළේ නම්, කිසිදු ආකාරයක ජනතා පීඩනයක් ඇති නොවන ආකාරයෙන් මෙම ආර්ථික ගැටලුවට මුහුණ දීමට රටට හැකි වෙනවා.

වසර 20කට පෙරාතුව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවක් උපුටා දක්වමින් ඇමැතිවරයා පැවසුවේ මෙවැනි තත්ත්වයක් පුරෝකථනය කරමින් දැක්වූ අදහස් අනුව හෝ යමින් කටයුතු කළේ නම් මෙවැනි අර්බුදයකට රට පත් වන්නේ නැහැ.

මෙවැනි අවස්ථාවකදී රට පිළිබඳව ඍණාත්මක හැඟීමක් ලෝකයට ඉදිරිපත් වීම නිසාම මෙරට සංචාරක ගමනාන්තයක් බවට පත් කරගැනීමට විදේශ සංචාරකයින් මැළිකමක් දැක්වීම හේතුවෙන් තවදුරටත් සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා. සෑම මාධ්‍ය ආයතනයක්ම, මේ පිළිබඳව වගකීමෙන් හා වගවීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.

රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය වඩා පුළුල් කරමින්, විදේශ විනිමය රටට ගෙන්වා ගැනීම විනා අන් කිසිදු විකල්පයක් මේ වන විට ඉතිරි ව නොමැති බව ද කීවේය. ඒ අනුව, අත්‍යවශ්‍ය වියදම් දරමින්, දූෂණය, වංචාව සහමුලින්ම නවතාලමින්, සිය අමාත්‍යාංශය තුළ නිලධාරීන්ගේ අවංක සේවය රටට ලබා දීමට මේ වන විටද කටයුතු කර ඇති බවත්, යම් විදේශ විනිමයක් රටට ලැබෙන ව්‍යාපෘති සඳහා පමණක් අවධානය යොමු කරමින් කටයුතු කරනවා.

ලෙස බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .

රෂිකා හෙන්නායක
2022.11.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...