කෝප් කමිටුවෙන් අනාවරණයක්…

Date:

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉකුත් ජුනි 30 වැනිදා වන විට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු 3කට වඩා පැරණි ඒවා බවද කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී ඇත. වසර තුනක් පැරණි එම අගරු චෙක්පත්වල වටිනාකම රුපියල් 1,429,356,750ක් බවද හෙළි වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2021 මාර්තු 24 වැනි දින කෝපා කමිටුවට කැඳවා ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2023 අය-වැයෙන් යෝජනා කොට ඇති බදු ආදායම ළඟා කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි පරීක්ෂා කර බැලීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා (28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ තොරතුරු අනාවරණය විය. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කළ අතර, නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුවට බලය නැති බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ. මෙය සාපරාධී අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳ මාසයක් ඇතුළත කෝපා කමිටුවට වාර්තාවක් දෙන ලෙසද මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 වැනි දින වන විට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773) කෝපා කමිටුවේදී අනාවරණය විය. මේ අතර මේ මුදලෙන් රුපියල් 201,400,855,198ක් (බිලියන 201) කිසිදු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් 572,557,001,420ක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

එසේම RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අය විය යුතු මුළු හිඟ බදු මුදල් වශයෙන් මේ මුදල හඳුනාගෙන ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලද අතර මේ හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම ලෙස පවතින රුපියල් බිලියන 201 මුදල අය කර නොගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ මුදල් දැනටමත් කොටස් වශයෙන් අය කර ගැනීමට කටයුතු කොට ඇති බව මේ අනුව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ.

රෂිකා හෙන්නායක
2022.11.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...

වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : 2025 වසරේ ගත...