මූල්‍ය විනය ආරක්ෂා කරගන්න අණ පනත් රැසකට අවස්ථාව!

Date:

කොළඹ LNW:මූල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා අණ පනත් රැසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ඉතා ඉක්මනින් මෙරටට ලැබෙනු ඇති අතර ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් ජනප්‍රිය නොවන තීරණවල යහපත් ප්‍රතිඵල ලබන වසර මුලදීම ජනතාවට ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්න..

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තවදුරටත් ලංකාව වෙත ණය පහසුකම් ලබාදීමත් සමඟ අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් මෙම අවස්ථාවේ රජය ගමන් කරනු ලබන්නේ නිවැරදි මාවතක බවත් ඕනෑම පාර්ශ්වයකට සහයෝගයෙන් රජය සමඟ වැඩ කටයුතු කරමින් රාජ්‍ය යාන්ත්‍රණයට දායක විය හැකි බවත් හෙතෙම කියාසිටියි.

රජයේ වැඩපිලිවෙල විවේචනය කරන කිසිදු පාර්ශ්වයක් ප්‍රායෝගික විසදුම් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළකර සිටිය ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...