වයඹදිග පාකිස්ථානයේ සුන්නි හා ෂියා ගැටුම් ඉහළට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය දින 10ය තුළ දී, වයඹදිග පාකිස්ථානයේ සුන්නි හා ෂියා කණ්ඩායම් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින දෙක තුලදී පමණක් ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බවද වාර්තා වේ.

පකිස්ථානය සුන්නි බහුතරයක් සිටින රටක් වුවද ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ පිහිටා ඇති කයිබර් පක්තුන්ක්වා පළාතේ කුරම් දිස්ත්‍රික්කයේ විශාල ෂියා ජයග්‍රණයක් වාසය කරන අතර, දශක ගණනාවක් පුරා එම ප්‍රදේශයේ සුන්නි හා ෂියා ප්‍රජාවන් අතර ගැටුම් පවතී.

පසුගිය සතියේ දී නව ගැටුම් ආරම්භ වුයේ පොලිස් ආරක්ෂාව යටතේ ගමන් කරමින් සිටි ෂියා බැතිමතුන් රැගත් රථ පෙළකට එල්ල කළ ප්‍රහාරයක් සමගයි. එහිදී 40 කට වැඩි පිරිසක් මිය ගිය අතර, එතැන් සිට පසුගිය දින 10 ය පුරා සැහැල්ලු සහ බර අවි යොදාගනිමින් සටන් පවතින අතර, මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ප්‍රධාන මාර්ග වසා දමා ජංගම දුරකථන සේවා අත්හිටවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

රජයේ බලධාරීන් පවසන්නේ, දෙපාර්ශවය අතර දැඩි විශ්වාසයක් නොමැති අතර, ගැටුම් නැවැත්වීමට රජයේ නියෝග පිළිපැදීමට කිසිඳු කණ්ඩායමක් කැමත්තක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...