සුරාබදු ලොක්කන් පිරිසකට ළඟදීම වැඩ වරදින ලකුණු. වත්කම් විමර්ශනයක් ඇරඹේ ?

Date:

බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් දැනට ආන්දෝලනයට ලක්ව ඇති මත්පැන් නිෂ්පාදන සමාගමක් තමන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයථා වත්කම් විමර්ශන ඒකකයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අදාළ ඉහළ සුරාබදු නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් වහාම ආරම්භ කිරීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා විය.

එසේම මේ සම්බන්ධයෙන් නුදුරේදීම අධිකරණයට කරුණු දැක්වීමටත් නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...