සුරාබදු ලොක්කන් පිරිසකට ළඟදීම වැඩ වරදින ලකුණු. වත්කම් විමර්ශනයක් ඇරඹේ ?

බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් දැනට ආන්දෝලනයට ලක්ව ඇති මත්පැන් නිෂ්පාදන සමාගමක් තමන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයථා වත්කම් විමර්ශන ඒකකයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අදාළ ඉහළ සුරාබදු නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් වහාම ආරම්භ කිරීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා විය.

එසේම මේ සම්බන්ධයෙන් නුදුරේදීම අධිකරණයට කරුණු දැක්වීමටත් නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.